News Spot

Admin Posted on April 22, 2021

ශ්‍රී ලංකා ප්‍රවාහන විද්‍යුත් පෙරගෙවුම් කාඩ් පත ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ



අතිගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ශ්‍රී ලංකාව සඳහා එක් ප්‍රවාහන විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ඇතුළත් වූ යෝජනාවන් ක්‍රියාවට නගමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා වන නව පියවරක් වශයෙන් ශ්‍රී ලංකා පෙරගෙවුම් කාඩ් පත හඳුන්වාදීම සඳහා සිව් පාර්ශ්විය ගිවිසුමක් අද දින ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් ගේ සහභාගීත්වයෙන් අත්සන් කෙරිණ ..

මෙම ගිවිසුමේ පාර්ශවකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති කිංස්ලි රණවක මහතා ,ජාතික ගමනාගමන කොමිසම වෙනුවෙන් එහි සභාපති ශෂී වෙල්ගම මහතා ,මහජන බැංකුව වෙනුවෙන් එහි ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බර්නාඩ් රාජපක්ෂ මහතා සහ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක චන්න ද සිල්වා යන මහත්වරුන් අත්සන් තැබූහ .මෙම පාර්ශ්වකරුවන් මෙහෙයවමින් ප්‍රවාහන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් අදාල කාර්ය භාරයන් ඉටු කළහ .මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග ,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් අල්විස් යන මහත්වරුන් ද ,අදාල ආයතන ප්‍රධානීන් සහ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගි වූහ .


Admin Posted on September 18, 2020

Park and Ride – City Bus සේවාව.


රට හදන සෞභාග‍්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වෙමින් Park and Ride ක්‍රමය යටතේ පොදු බස් සේවාවක් “City Bus” නමින් ආරම්භ කිරීම සම්බන්ධව අද දින ( 2020 සැප්තැම්බර් මස 16 ) ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද සහභාගී විය. මෙහිදී පෞද්ගලික මෝටර් රථ සහ යතුරුපැදි වලින් වෙනත් ප්‍රදේශවල සිට සහ අධිවේගී මාර්ගයේ පැමිණ මාකුඹුර හරහා කොළඹ නගරසීමාව තුල ඇති ගමනාන්තවලට පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීම අරමුණු කරන ලදී..


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සශී වෙල්ගම , අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඇතුලු පිරිස.


මාකුබුර හරහා කොළඹ නගරසීමාව තුල ඇති ගමනාන්වලට මෝටර් රථ සහ යතුරුපැදි වලින් ගමන්කරන ජනතාවට උදෑසන තමන්ගේ වාහනය මාකුඹුර බහුවිධ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයේ ආරක්ෂිතව නවතා තබා විශේෂයෙන් යොදවන ලද සුඛෝපභෝගී බස් රථවලට ගොඩවී තමන්ගේ ගමනාන්තයට යෑමට පහසුකම් සැලසීමට අපේක්ෂිතය. එසේම සවස නැවතත් සුඛෝපහෝගී බස් රථයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන හුවමාරු ස්ථානයට පැමිණීමට අවස්ථාව උදාකරනු ලබයි..







දිනෙන් දින පෞද්ගලික වාහනවල ගමන්කිරීම සදහා වැඩිවන ඉල්ලුම අධෛර්යමත් කරමින් පොදු බස් සේවා සදහා මගීන් ආකර්ශණය කරගැනීම අරමුණු කරගනිමින් ක්‍රියත්මක කිරීමට අපේක්ෂිත මෙම කාලීන වැඩපිලිවෙල තුලින්

  • උදෑසන සහ සවස් කාලයේ කාර්ය බහුල වේලාවන්වලදී ඇතිවන මාර්ග තදබදය අවම කිරීම.
  • ප්‍රවාහන සේවා සදහා යොදාගන්නා ඉන්ධන භාවිතය අඩුකිරීම තුලින් රටෙහි ඉන්ධන ආනයනය සදහා වන වියදම අඩුවීම .
  • වාහනව ලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම.
  • මාර්ග අනතුරු අවම කිරීම.
  • මාර්ග භාවිතා කරන ජනතාවගේ මානසික ආතතිය අවමකිරීම සහ ගමනට ගතවන කාලය අඩුකිරීම තුලින් ශ්‍රම ඵලදායීතාවය ඉහලයෑම හේතුවෙන් රවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහලයෑම සහ ඒතුලින් ජාතික ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් ඇතිවීම.
ආදී සමාජ හිතකාමී අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිතය. .


Admin Posted on July 12, 2019

National transport Commission takes first step towards introducing Google Transit facility in Sri Lanka.



The National Transport Commission (NTC) took the first step towards introducing the Google Transit facility in Sri Lanka to assist in easy public transportation, the Transport Ministry said today (Jul 12).

Issuing a press release, the Ministry noted that the required data in order to introduce this facility had been submitted today in keeping with the 25th anniversary of the NTC.

The Google Transit facility is expected to assist the public by providing details of bus routes, train stations, rail routes and other public transport related matters.

Trains would be marked in red while buses and provincial and inter-provincial buses will be denoted in blue and green respectively on the map which comes with the service.

The Transport Ministry said that Google Transit would first be made available in the Western Province following which it would be expanded across other provinces as well.

Users will only be able to obtain schedules of public transport modes until the service is upgraded to provide realtime facilities, Dr Dimantha de Silva, a senior lecturer at the Moratuwa University who handles the project said.


Admin Posted on june 09, 2019

National transport Commission has introduced an official seat booking service for inter-provincial bus services.